අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
- සද්ධර්ම පුණ්ඩරීක අනාවරණය
- දම්සක් පැවසුම
- තණ්හා මූලය සිඳීම
- දෙතිස් මහා පුරුෂ ලක්ෂණ
- බුද්ධ බෝධිය
- බෝධිචිත්තය
- රහත් බෝධිය සහ විමුක්ති මාර්ග
- සාසනයේ යාන්ත්‍රණය
- ඍද්ධිපාද සහ පරිනිර්වාණය
- යමක මහා ප්රාතිහාර්යය
- පරිනිර්වාණ සූත්‍රය
- අනාගත වංශය
- බෝසත් සහ බෝධිසත්ව මාර්ගයන්
- පැවැත්ම හා බ්‍රහ්මචරියාව
- මෛත්‍රි සම්මා සම්බුදු රජු
- රාහුලෝවාද
- සහම්පති සහ රාහුල
- දායාදය
- ශාසනය රැකීම
- බිතුසිතුවමක් ඇසුරින් දුන් අවවාදය
- බාධක පසුකර යන්න
- බුදුන් කවුද?
- පාරිශුද්ධ ශ්‍රවණය සහ සාසනය
- සමස්ථය දකින්න
- කුසල කර්ම පථ
- තේරුන කොටස හා නොතේරුන කොටස
- බෝධියට පත් ගුරුවරයා
- රාගය පිළිබඳ ධර්මතාවය
- බණ කියන විදිය
- රාහුල බෝධිය
- බුද්ධිය ඔබට බලය සහ නිදහස ...
- ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා
- ජීවිතය වෙනස් කළ භාවනාව
- පොහොය දින දේශනා 2026
- Life-Changing Advice
- MahaGuru MindQuest
- මහාගුරු
- ත්‍රිමාණ ලෝක වලින් එහා ලෝකය
- පොහොය දේශනා 2025
- පොහොය දේශනා 2024
- විශේෂ වැඩමුළු
- Mahaguru Meetup
- Audio Book
- short video
- මහා යානය
- මෛත්‍රී බෝධි - පොත
- බුද්ධ
- සූත්‍ර
- සම්මා සතිය
- ~~ මනස ~~
- කර්මය
- බුද්ධ කෝලහලය
- පොහොය දේශනා 2023
- ධර්ම සාකච්ඡා
- Zoom සාකච්චා
- මග ඵල
- මාර්ග අවබෝදය - 3
- කමටහන්
- මාර්ග අවබෝදය -2
- මාර්ග අවබෝදය - 1
සත්ව
දෙව් මිනිස් සියල්ලන්ටම මංගල කරුණු
2024-12-13
මේ ධර්මතාවය මේ මොහොතේ මතු කරන්නට මුල පුරන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ මොහොත වෙද්දි ඔබට නොදැනෙන මට දැනෙන, පෙනෙන විශාල දේව සභා ගණනාවක් මේ මොහොතේ ඒකරාශී වී සිටිනවා. ඒ අය මේ වටා රොක් වෙනවා. එකතු වෙනවා මට දකින්න පුළුවන්. ඒ සියල්ලම දිව්‍ය ස්වභාවයන්. ඒ අයට ඒ අයගේ ගැටලු විසඳා ගැනීමට, මාර්ගය විසඳා ගැනීමට මෙය අවස්ථාවක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවට සමීපව සම්බන්ධ වීමට මා සමග කල්‍යාණ මිත්‍රයෝ පිරිසක්ද එකතු වෙලා ඉන්නවා. මේ දම්සභාව මේ සම්මුති ලෝකයේ පවතින දහම කියාගන්න එහි පවතින පින, දහම, කුසලය කියන දේවල් මත පවතින මේ තාක් නිරාකරණය නොවුනා වූ ඒ ගැටළු විසඳා ගැනීම සඳහා තමයි මේ මොහොතේ හැමෝම ඒකරාශී වෙලා ඉන්නේ.
ඔබට නොවිසිදුනු ඕනෑම ගැටළුවක් මේ දම්සභා මණ්ඩපයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබලාට මෙන්ම, දිව්‍ය, බ්‍රහ්ම ආදී ඕනෑම සත්තාවාසයක කෙනෙක්ට වෙන්න පුළුවන්, සතර අපාය දක්වා විහිදුවා යන විෂයය පථයන්ට අදාළව පුළුවන් ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කරන්න.
(යම් නිහඬතාවක් සභා ගර්භයේ පවතී)
දෙවිකෙනෙක් මේ වෙලාවේ ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි,
“හැමෝම විවිධ දේ විවිධාකාරයෙන් දෙනවා, ජාති ආගම් භේදයකින් තොරව, සෑම දෙනාම දෙනවා, ඒ දෙන දේවල් වලින් හොඳම දේ මොකක්ද? “
ඒකට පිළිතුරු දීම මම මෙහෙම පටන් ගන්නම්. එක් එක් අයට අදාලව ඒ අය විසින් ලෝකය වෙත, අන් අය වෙත දෙන්න පුළුවන් හොදම දේ තමයි මේ දේශනා කරන්නේ.
1. තිරිසනෙකු විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි ඇඟ සෙලවීම හරහා කරන ප්‍රකාශනය. ඒ දේ හැර තිරිසනෙක්ට හරියට යමක් දෙන්න බැහැ.
2. කුඩා දරුවෙකු විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි සිනහව.
3. යෞවනයෙකු විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි ආදරය.
4. තරුණ කෙනෙකු විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි රාගය.
5. වැඩිහිටියෙකු විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි තමන්ගේ අත්දැකීම් තුළින් දැන මුතුකම් ලබාදීම.
6. සිල්වන්තයෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි ඉවසීම.
7. මනුෂ්‍යයෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි මනුස්සකම.
8. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනෙක් විසින් දිය හැකි හොඳම දේ තමයි ශ්‍රද්ධාව.
9. සෝවාන් ඵල ලාභියෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි මුලාව පෙන්වීම.
10. සකෘදාගාමී මාර්ගයේ ඉන්න කෙනෙක් විසින් දෙන්න පුළුවන් හොඳම දේ තමයි ලෝකය පිළිබඳව දෙන පණිවිඩය.
11. සකෘදාගාමි ඵල ලාභියෙකු විසින් දිය හැකි හොඳම ඵලය තමයි ශුන්‍යතාවය.
12. අනාගාමි මාර්ගයේ ඉන්න කෙනෙක් විසින් දිය හැකි හොඳම දේ තමයි හුදකලාව.
13. අනාගාමි ඵල ලාභියෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි නෙක්ඛම්මය.
14. අරහත් මාර්ගයේ ඉන්න කෙනෙක් විසින් දිය හැකි හොඳම දේ තමයි සංස්කාරයන්ගේ අහෝසිය. (සංස්කාර රහිත බව හෙවත් අහෝසිය)
15. අරහත් ඵල ලාභියෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි තමන්ගේ අත්දැකීම් මත තමන් ආ මාර්ගයට අදාලව කරුණු පැහැදිලි කිරීම.
16. බුදු කෙනෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි සත්‍යය දීම.
17. සම්මා සම්බුදු කෙනෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි චතුරාර්ය දීම. (චතුරාර්ය ශක්තියට සම වැදී කරන දේශනාවන්)
18. සම්මා සම්බුදුරජු කෙනෙකු විසින් දිය හැකි හොඳම දේ තමයි සත්වයා තුළ ඥානයන් පහළ කරවීම.
19. සත් බුදු වරයෙක් විසින් දිය හැකි හොඳම දේ තමයි…
තිරිසනා ගේ පටන් යම් තැනකින් පටන් ගෙන ඒ පටන් ගත්ත තැන ඉඳල සම්මා සම්බුදු රජු කෙනෙකු විසින් දිය හැකි හොඳම දේ සත්බුදු වරයා විසින් ප්‍රතිෂ්ඨාපනය කරනවා. ඒකට හේතුව තමයි සත්බුදු ධර්මතාවය තුළ ඒ සියල්ල අන්තර්ගත වීම.
දිය හැකි හොඳම දේ දෙන්න.
(සත් බුදුවරයෙකු යනු බුද්ධ පරිණාමය තුළ හට ගන්නා උපරිමය හෙවත් අවසාන ඵලයයි. ඍද්ධිපාද චිත්තය එයින් එහාට පරිණාමය විය නොහැකි අතර ඒ නිසා බුද්ධ ක්ෂේත්‍රය නැවත ප්‍රතිස්ථාපනය වීමක් සිදුවේ. එය බුද්ධ පරිණාමයේ උපරිමය නිසා සත් බුදු රජු ලෙසද හඳුන්වයි)
තවත් ධර්මයක් මා ඔබට දේශනා කරනවා.
1. ගන්නවා නම් ගත යුතු හොඳම දේ කුමක්ද?
තමන් ළඟ නැති දේ තමයි ගත යුතු හොඳම දේ වන්නේ. බොහෝ අය මේක ක්‍රියාත්මක කරන්නේ බඩු භාණ්ඩ වලට විතරයි. අනික් ඒවාට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ගත යුතු හොඳම දේ තමයි තමන් ළඟ නැති දේ.
2. රැස් කරනවා නම් රැස් කළ යුතු හොඳම දේ කුසල රැස්කිරීමයි.
3. රැස් නොකරනවා නම් රැස් නොකළ යුතුම දේ වන්නේ අනුන්ගේ කුණුයි.
4. කරනවා නම් කරන්න ඕනා හොඳම ක්‍රියාව වන්නේ තමාට තමා ශක්තියක් වීමයි.
5. ඔබ නොකරනවානම් නොකළයුතුම දේ වන්නේ ඔබ විසින් ඔබව දුර්වල කිරීමයි. කවදාවත් ඔබ ඔබව ශක්තිමත් කළා කියලා පාඩුවක් වෙන්නේ නෑ. තමන්ව දුර්වල කිරීම තරම් තවත් පාඩුවක් ඔබට තවත් නැහැ.
6. සොයනවා නම් සෙවිය යුතු හොඳම දේ තමයි සතුට. එය හෙව්වොත් විතරයි හම්බවෙන්නේ. හෙව්වේ නැත්නම් කවදාවත් සතුට හම්බවෙන්නේ නැහැ. සතුට කියන්නේ උපයන්න ඕනා දෙයක්.
7. ඔබ නොසෙවිය යුතුම දේ වන්නේ තමන්ට වැඩක් නැති දේ යි.
8. වෛර කරන්නා වෙනුවෙන් කළ යුතු හොඳම දේ වන්නේ වෛර කරන්නාට වෛර කරන්නට ඉඩදීමයි. ඒකෙන්ම එයාගේ වෛරය සංසිඳෙනවා. නමුත් වෛරය වැඩිවන අවස්ථා ඔබ නිර්මාණය කරන්න යන්න එපා.
9. ඉවසන පුද්ගලයා වෙනුවෙන් කළයුතු හොඳම දේ වන්නේ ඉවසන්න ඉඩදෙන එකයි.
10. ධර්මය නම් වනාහි, ඒ ධර්මය කුමක්ද? ධර්මයන්ගෙන් හොඳම ධර්මය නම් තමා යැයි සිතන සංකල්පයෙන් මිදීමයි.
11. අධර්මය තුළ හොඳනැතිම ධර්මය මම යැයි සිතන සංකල්පය මත ගොඩනැගීමයි.
12. බුද්ධ නම් වනාහී, බුදු කෙනෙක් තුළ පවතින නිරවුල් ආර්ය පාරිශුද්ධත්වයයි.
13. අබුද්ධත්වය හෙවත් අබුද්ධ කාර්යය නම් පාරිශුද්ධ නොවීමයි.
14. මාපියන් වනාහි, තමන්ට ආදරය කොට රැක බලා ගන්නා, සුරක්ෂිතතාවය ලබලා දෙන ඇත්තා මව පියා නම් වේ. දරුවෙකු මෙලොවට බිහි කිරීම පමණක් මව පියා නම් වෙන්නේ නෑ.
15. මෝඩයා නම් වනාහි සත්‍ය දැක එයට මුලාවන්නායි.
16. බුද්ධිමතා නම් සත්‍යයට තමන්ගේ ලෝකය විවෘත කරන්නාය.
17. ස්වාමියා වනාහි කෙනෙකුට, කෙනෙකු තුළ විශ්වාසය ගොඩනැගිය හැකි තැනැත්තාය.
බිරිඳ වනාහි විශ්වාසය රැකිය හැකි තැනැත්තියයි.
(මෙතනදි විශ්වාසය කියන එකට වැරදි තේරුමක් එන එක වළක්වන්න එය උදාහරණයකින් පැහැදිලි කරන්නම්. කෙනෙකුට යම් අවස්ථාවක “බයවෙන්න එපා. මං ඉන්නවනේ” කියන එක තුළ මේ විශ්වාසය හැදෙනවා. කවුරු හරි කෙනෙක් රෑ වෙලාවේ එළියට යන්න යනවා. එතකොට බයවෙන්න එපා, ඔයා යන්න කියලා විශ්වාසය දෙනවා, ඉගෙන ගන්න බයවෙන්නන එපා. ඔයාට පුළුවන් කරන්න. අන්න එහෙම විශ්වාසය දෙනවා. විශ්වාසය දෙන කෙනා ඔයා ගිහිල්ලා ඉගෙන ගන්න ඔයාට පුළුවන් කියලා කියනවා. ඒ තමයි ස්වාමියා. ඒ දුන්නු විශ්වාසය ඔව් මට පුළුවන් කියලා ගන්න කෙනා තමයි බිරිඳ.)
18. සතුට යනු සාරවත් දෙයක්ද? නිස්සාර දෙයක්ද?
සතුට කියන්නේ ඔබේ අයිතිය. මේ දෙව් මිනිස් ඕනම කෙනෙකුට සතුටු වෙන්න පුළුවන්, සතුට කියන්නේ අයිතියක්. ඔබට මට සතුටින් ඉන්න අයිතියක් තියෙනවා. කාට කෙසේ වුණත් යමක් ඔබේ සතුට නම් ඒ සතුට පාවා දෙන්න එපා. සතුටු වෙන්න බැරි කෙනා ජීවත් වුණත් මැරුණු කෙනෙක් වැනියි. සතුටු වෙන්න, ඒක අයිතියක්. ඒකට කාටවත් බාධා කරන්න බෑ. ලෝකයා වෙනුවෙන් සතුටු වෙන්නේ නැතිව ඉන්නවා නම් ඒක ඔබේ නිවට කම. සතුටින් සිටීම ඔබේ අයිතිය. මේ හැමදේම කරන්නේ සතුටින් සිටීමට. සතුට ඔබේ අයිතිය බව මතක තියාගන්න.
19. ඔබ තිබිය යුතු යම් ධනයක් වේ නම් එවැනි ධනයන් කිහිපයක් තියෙනවා.
i. ස්වාධීනත්වය: එනම් කිසිවෙකුගේ වහලෙක් නොවීමයි.
ii. කාලය: උපයා ගත නොහැකි එහෙත් හැමවිටම වියදමක්ම පමණක් වන එකම දේ තමයි කාලය. කෙනෙකුට තිබිය යුතු වැඩිම ධනය වන්නේ කාලයයි. වෙලාවක් නෑ කියන්නේ හිඟන්නෙක්.
iii. ආදරය: අපි හැමෝටම ආදරය ඕනා. තුන්වෙනි ධනය වන්නේ ආදරයයි.
ආදරය කියන්නේ හදවතට දැනෙන වටිනාකමක්. එහෙම නැතුව ඔබ හිතන ආදරය නොවේ. කෙනෙක්ගෙන් ඔබගේ හදවතට යම් වටිනාකම් ලැබෙනවා නම් එතන ආදරය තියෙනවා. නමුත් බොහෝ අය හදවතට වටිනකමක් ඉල්ලගෙන, ආදරය හොයාගෙන එනවා. ආදරය කියන්නේ ඒකට නෙවෙයි. ස්වභාවිකව කෙනෙක්ගේ හදවතට ලැබෙන වටිනාකම තමයි ආදරය. ඒක පාරේ ඉන්න හිඟන්නෙක්ගෙන් වෙන්නත් පුළුවන්. ඔබගෙන් වෙන්නත් පුළුවන්.
iv. හිතේ තිබෙන නිදහස
v. සමාජ පිළිගැනීම: සමාජය තුළින්, මිනිස්සු තුළින් ඔබට ලැබෙන පිළිගැනීම.
මේ ටික තමයි කෙනෙකු ළඟ තිබිය යුතු ධනයන් වන්නේ.
20. හොඳම වන්දනාව නම් බුද්ධ වන්දනාවයි. ඒ කිව්වේ මැටි පිළිමවලට වන්දනා කරන එක නොවෙයි. බුද්ධ ට කරන වන්දනාවයි.
21. සියලු ලෝක සත්වයා කුමන අරමුණක් මත පිහිටිය යුතුද?
සත්වයා ඔහුගේ ඔහුගේ අවසානය අරමුණු කොටගෙන වාසය කළ යුතුයි. භවය වෙන්න පුළුවන්, වෙන භවයක් වෙන්න පුළුවන්. සසර අවසානය වෙන්න පුළුවන්, අවසානය අරමුණු කරගෙන වාසය කරන්න.
21. ගතයුතු හොඳම තීන්දුව නම් සමගිය වෙනුවෙන් ගන්නා වූ තීන්දුවයි.
22. ලෝකයට දිය හැකි හොඳම ප්‍රතිඥාවන්: අත්හළ බවට දෙන ප්‍රතිඥාව
බුද්ධත්වය අත්හළ බවට දෙන ප්‍රතිඥාව
පිරිනිවන් පාන බවට දෙන ප්‍රතිඥාව
බුදු කෙනෙක් විසින් ලෝකයේ විරාජමාන බවට දෙන ප්‍රතිඥාව
අධික ලෙස සසර බුද්ධිය වැඩුණු මුණිවරයෝ සීටිනවා. ඔවුන්ගේ පරිණත භාවයන් අධිකයි.
මේ සක්වලේ අධික ලෙස බුද්ධිය වැඩුණු මුනිවරයන්, ඍෂිවරයන්, ඍද්ධිපාද වැඩූ අය, ඥාන වැඩූ අය, ශක්තිය වැඩූ අය, අභිඥා වැඩූ අය, ඍද්ධිය වැඩූ අය, එසේ මෙසේ නොකී සියලු දේත්,
මිථ්‍යාවත් සියල්ල දැනගත්තෝය. ඒ සියල්ල දැනගත් උතුමෝත් ඒ මුනිවරයෝත්, ඍෂිවරයෝත් ලොව තතු සියල්ල දැන ගෙන ඒ බුද්ධියට සම වැදුනා. ඒ සමවැදුනා වූ ඔවුන් තාමත් ඒවාට සම වැදිලා ඉන්නවා.
ඔවුන් ඒ සියල්ල අවබෝධ කර ගත්තට ඔවුන්ට සසරින් එතෙර වෙන්න බැහැ. එය සසරින් එතෙර වන මාර්ගය නොවෙයි. සියල්ල අවබෝධ කරගත්ත මුනිවරයෝ, ඍෂිවරයෝ ඔය කී අය ඔවුන් ඒ සියල්ල දත් ඥානයට එකතු වී ගිය කරුණක් ඇත.
සියල්ල අවබෝධ කරගත් උතුමන් මේ දෙයත් අවබෝධ කරගන්න ඕනේ.
ඔබලා මේ විශ්වයේ තියන සියලු යථාර්ථ ධර්මයන්, සංස්කාර පද්ධතින්, බුද්ධ විෂයය, චිත්ත විෂයය, කර්ම විෂයය, ලෝක විෂයය, ඥාන විෂයය, ධ්‍යාන විෂයය, කායික විෂයය යන මහා විශාල විෂයය පථයන් ගණනාවක් අවබෝධ කරගෙන, අවබෝධය පූර්ණකොට ගෙන ඒ තුළ වැඩ වාසය කරනවා. සියලු සෘද්ධිබල ආදිය ඇති ඔබේ පිරිනිවීම, ඔබේ ඥානයේ පිරිනිවීම, ඔබේ බුද්ධියේ පිරිනිවීම, ඍද්ධියේ පිරිනිවීම, ඍද්ධිපාද මත පිරිනිවීම එක් එක් විෂයන්ගේ පිරිනිවීම ආදිය ඔබලා නොදන්නේය.
ඒ පිරිනිවීම නම් දැනෙන අවසාන චිත්තය නිවා දැමීමයි.
බුදුවරයෙක් ලොව බිහි කරන්නට වෙර දැරූ කැපවුණු, කාලය ශ්‍රමය වැය කරපු අතීතයේ පටන් මේ මොහොතේත් අනාගතය දක්වාත් වන විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝම බුදුවරයා බිහිකලාට පස්සේ බුදුවරයාව පිළිගන්නේ නෑ. ඒකට හේතුව තමයි බුදුවරයෙක් කියලා එයාලා මවාගෙන සිටි චිත්‍රය දැන් ගොඩනැගෙන්නේ නැහැ. ඒ කෙනා බුදු වුණාට පස්සේ එයාලාගේ චිත්‍රයේ ඉන්න කෙනා නොවෙයි. ඒ බුදුවරයා බව නොදන්නාකම නිසාම නොමඟ යනවා. ධර්ම විෂයයෙන් නොමඟ යනවා. නමුත් ඒ පිරිස අත්‍යවශ්‍යයි. ඒ පිරිස අර හිස් වෙලා තියෙන මුනිවරයෝ ඍෂිවරයෝ කියන හිඩස විසින් පිළිගනු ලබනවා.
ඔබලාට ඇති ප්‍රශ්න මොනවාද?
ප්‍රශ්නය:
ඔය දේශනාව කුමක්ද?
පිළිතුර:
ලෝකයේ වැඩ වාසය කරන මනුෂ්‍ය, දිව්‍ය සියලු සත්වයන්ගේ ලෞකික, ලෝකෝත්තර, ලෝකයේ අධ්‍යාත්මික ගැටලු විසඳු පණිවිඩයන් මෙහි අන්තර්ගතයි.
එය අතීතයේ ගෞතම බුදුන්ගේ සමයේ මංගල කරුණු හා සමව ගලාගෙන යන කාරණා ඇතුළත්.
ඔබලා විසින් කළ යුතු දේ නම්, ඒ කරුණු මිනිසුන් වෙත යොමු කිරීමයි.
ප්‍රශ්නය:
සතුට අයිතියක් කියලා පැවසුවා.
එය සත්වයාට පැහැදිලි කරන්නේ කෙසේද?
පිළිතුර:
සත්වයාට එක් එක් අයට අනන්‍ය වූ සතුටක් පවතිනවා. ඒ සතුට අවශ්‍යයයි. සතුට වෙනුවෙන් ප්ලෑන් එකක් තියාගන්න, සතුට වෙනුවෙන් කළ හැකි කරුණු කාරණා හඳුනා ගන්න. තමන්ටත් අන් අයටත් හානි නොවන පරිදි සතුට පිළිබඳ අයිතිය භුක්ති විඳින්න.
ප්‍රශ්නය:
දුක කියන්නේ සතුටක් නැතිකමටද ?
පිළිතුර:
ඒකත් එක්ක සම්බන්ධයක් නෑ. දුක කියන්නේ කෙනෙක් දුකක් විදියට හිතන එක. ඔබට දුක කියලා හිතෙන එක මට දුක නෙවෙයිනේ. ඔබ තමයි ඒ යම්කිසි දෙය දුකක් කියලා තෝරාගෙන තියෙන්නේ.
හිතන්න කෙනෙකුට මිතුරෙක් ඉන්නව කියලා. ඒ මිතුරා මැරෙන එක එයාට දුකක් වෙනවා බොහෝ විට. නමුත් එයා මැරෙන එක අනිත් අයට දුකක් නොවෙයි.
දුක ඔබේ තෝරා ගැනීමක් වුණාට සතුට කියන්නේ තෝරාගැනීමක් නෙවෙයි. එය ඔබට අනන්‍යවූ දැනීමක්. හරි මට සතුටුයි කියන එක හෝ හිතන එක නෙවෙයි සතුට කියන්නේ. ඒක දැනෙන එකක්.
ප්‍රශ්නය:
කර්මය දුකක් ද?
පිළිතුර:
කර්මය කියන්නේ අවස්ථා ගොඩනගලා දෙන ධර්මතාවය. ඒක දුකක් වන්නේ නෑ. ඔබ තමයි එය දුකක් විදියට තෝරා ගන්නේ. එය අවස්ථාව ගොඩනගා දුන් කර්මයට අදාළ නෑ.
බුද්ධ
මෛත්‍රි සම්මා සම්බුදු රජු
2025-03-04
බුද්ධ
පැවැත්ම හා බ්‍රහ්මචරියාව
2025-02-22
මෛත්‍රී බුද්ධ
කර්ම
කර්මය පිළිබඳව සාකච්ඡාවක්
2024-09-05