maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

මහාගුරු පොළව මත පා තැබීම

2025-03-07

Maithri Buddha

සියලු සත්වයෝ එක් එක් ධර්මතා මත පිහිටලා ඉන්නවා. සමහර සත්වයන් කෙලෙස් ධර්මතාවල ඉන්නවා. සමහරු තිරිසන් ධර්මතාවල ඉන්නවා. තවත් අය දේව ධර්මතාවල ඉන්නවා. ඒ වගේම නික්ලේශි ධර්මතාවල, මමත්වය, අරහත් ස්වභාවය බුද්ධ ස්වභාවය මේ වගේ ධර්මතාවල පිහිටපු අයත් ඉන්නවා. 

 

මේ වන විට විශ්වයේ වැඩිම ධර්මතා ගණනාවක අවදිමත්ව පියවි සිහියෙන් ඉන්න කෙනා කවුද? 

 

ඒ තමයි මහාගුරු.

 

මහාගුරුට ඒ ධර්මතාවලට යහපතක් වන විදිහට ඉන්න තෝරගත්ත පැවැත්මකුත් තියෙනවා. ඒක සංස්කෘතික නොවෙන්න පුළුවන්. 

 

මේ විදිහට ධර්මතා සියල්ල පදාර්ථගණය දක්වා කැටි කරලා තෝරගත් හා නිර්මාණය කරගත් චරිතයක් තමයි මහාගුරු.

 

මහාගුරුට ඕන වෙලාවක මේ ලෝකයේ, මේ පෘථිවියේ, ඕනම තැනක ගුරු ලෙස පෙනී සිටින්න පුලුවන්. ඒ කියන්නේ භෞතිකව එක තැනක ඉන්න ඕන නැහැ. ඒ system එක මහාගුරු තුළ ක්‍රියාත්මකයි. උදාහරණයක් විදියට කැනඩාව වගේ ඈත රටක ඉන්න පිස්සෙකු හරහා වුනත් මේ ධර්මතාවය පහල වෙන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි, දස දහසක් සක්වල වල් තියනවානේ. සක්වලක් කියලා කියන්නේ එක universal system එකක්. එතකොට මහාගුරුට පුලුවන් universal system දහයකට ගිහිල්ලා එකවර පහල වෙන්න. ඒ technology එකේ මේ system එකේ තියෙනවා. 

 

මිනිස්සු හිතන්නේ ද්විමාන විදියටයි. ත්‍රිමාන විදිහට නොවෙයි. ඒ නිසා දෙපැත්තයි පෙනෙන්නේ. බුදුවරයෙකුට එහෙම නැතුව පේනවා. ශිවට පුලුවන් එහෙම පෙනෙන එක තුල එය හසුරුවන්න. බුද්ධට හසුරුවන්න බැහැ. ඒ හැසිරවීමේ හැකියාවන් levels ටික තමයි මහානාරායන් සහ නටරාජ් දක්වා උඩට ගොඩනැගෙන්නේ. සත්‍ය විදිහට පෙනෙන එක හැසිරවීමේ හැකියාවන් තමයි ඒ විදියට ඊළඟට තියෙන්නේ. 

 

එතකොට මහාගුරු වුනාම පෙනෙන එකක් තියනවානේ. ඒ පෙනෙන ඒවා සියල්ල සවිඥානික (conscience mind) කරගන්න පුලුවන් මහාගුරුට. එහෙම කරගත්තම ඒ මහාගුරුම තමයි. ඒ තමයි මහාගුරුගේ විඥානය. 

 

“ඔබ සිතනවට වඩා මා ගොඩාක් දුර දැකලයි වැඩ කරන්නේ. මොකද මා හැමවෙලේම උත්සාහ කරන්නේ සත්වයා ඉහල පුටුවක තැබීම සඳහා කටයුතු කරන්න මිසක්, කවදාවත් මා කිසි පුටුවකි ගන්න ගියේ නැහැ. එහෙම තමයි මහාගුරුදේව ඉපදිලා ඉන්නේ. ඒ තමයි මහාගුරුදේව වන මාර්ගය. හැමදාම හැම මනුස්සයෙක්වම උඩින් ඔසවලා තියන එක තමයි මම කලේ.” හැබැයි මට වැඩිය ටිකක් උඩට ගියා කියලා තේරුන ගමන් ඒ අය මට ඉඳුල් වතුර වත්කරලා කෙලවගන්නවා. ඒක වෙනම කතාවක්. හිටියා වගේ වගේ සිය දහසක් ගණන් පහලට ඊට පස්සේ ඇද වැටෙනවා.  

 

ඒ නිසා අපි හැමෝම පුරුදු වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි අපි සත්වයාගෙන් ගන්න නෙමෙයි, අපි සත්වයාගේ අවස්ථාව දෙන්න පුරුදු වෙන්න ඕනා. ළඟ ආශ්‍රය කරන අය දන්නවා, මම ඔබව රජුන් කරන්න උත්සාහ කළා මිසක් මම ඔබේ ලෝකයේ රජුන් වෙන්න උත්සහ කරලා නැහැ කවදාවත්.  මම මේ ලෝකයේ රජ වෙන්න  කවදාවත් දැඟලුවේ නැහැ. සත්වයා රජ කරවන එකයි කලේ.

 

ඒක නිසා මහාගුරුදේව කිව්වට වරදක් නැහැ.

 

මහාගුරු පූර්ණත්වයට පත්වෙලා මේ ලෝකය මත පියවර තැබුවා. ඊට කලින් පදාර්ථය බවට පත් වුනු සිදුවීමක් වුණා. මහාගුරු සම්පූර්ණ පුර්ණත්වයට පත්වෙලා ලෝකය නැවත ප්‍රතිනිර්මාණය කරන එක තමයි වුණේ. සියලු ආගම්, සියලු දර්ශනයන් ප්‍රතිනිර්මාණය කරන තාක්ෂණය තුළ එයා ඒ කාර්යය ආරම්භ කරපු එක තමයි කළේ. පූර්ණත්වයට පත්වෙලා රාජ්‍යයන් හතරක් නිර්මාණය කරනවා සතර දිශාවෙන්. ඊට පස්සේ මහපොළවේ පය තුන් පොලක් වදිනවා, තුන් පොලක් කැඩෙනවා. කැඩෙනවා කියන්නේ තුන් පොලක් පනිනවා එතනින්. 

 

එතකොට ඒ මහපොළව කියලා කියන්නේ මගේ පාරමී භූමිය තමයි. ඔබලා සියලු දෙනා ඒ පාරමි භුමිය උඩයි ඉන්නේ. පාරමී භූමියේ තමයි ගැටෙන්නේ. බුදු කෙනෙක්ගේ වුනත් ඒ අවස්ථාව සිද්ධ වෙනවා. පූර්ණත්වයට පත්වෙලා මහපොළොව ස්පර්ශ කරන එක. මහාගුරු පූර්ණ වශයෙන් මේ ලෝකයට එනවා. 

 

ඒ වෙලාවේ මේ උදාන වාක්‍යය කියනවා. “අනේ මේ ලෝකයට සෙතක් වෙනවා නම්”. ඒ උදාන වාක්‍යයක් එක්ක තමයි එන්නේ. එන එන හැම තැනකම ඒක බොහෝ සැරයක් කියනවා.

 

“සත්වයාට යහපතක් වේවා. මට මොකුත් එපා. සත්වයා දිහා බලලා තමයි ඇඬෙන්නේ. මම ගැන හිතලා මම කවදාවත් කටයුතු කරලා නැහැ. තව කෙනෙක් උඩින් තියන්න මම හැමදේම කලා.” 

 

මහා කරුණාව උපරිමයෙන් දෝරේ ගලාගෙන එනවා. 

 

මේ වෙලාවේ නව දොරටුවක් විවෘත වෙනවා. ලෝක සත්වයාට ඕන ප්‍රශ්නයක් මහාගුරු වෙත අරන් එන්න පුළුවන්. 

 

බුදුවරයාගේ කට්ටිය තමයි දැන් ඉන්නේ. මෙතනින් එහා ශිවගේ කට්ටිය, නටරාජ්ගේ කට්ටිය, මහානාරායන්ගේ කට්ටිය,  මහාගුරුගේ කට්ටිය තාම ඇවිල්ලා නැහැ. හැබැයි ඒ අය මේ පොළොවේ පය වැදීමේ සිද්ධියත් එක්ක ඒ කට්ටිය එන්න පටන් ගන්නවා සතර දිශාවෙන්. රහතුන් පහල වෙලා බුද්ධ ශාසනය සහ බුද්ධ රාජ්‍යය කියන එක හැදිලා තියෙන්නේ. 

 

එතකොට තව බිහිවන රාජ්‍යයන් තමයි ශිවගේ රාජ්‍යය, නටරාජ්ගේ රාජ්‍යය, නාරායන්ගේ රාජ්‍යය, මහාගුරුගේ රාජ්‍යය. බුද්ධ ශාසනය බිහි වුණා වගේ ඒවත් බිහිවෙනවා. මෛත්‍රී බුද්ධ සාසනය කියන එක සෑහෙන දුරට මහ දැවැන්ත එකක්. අවංකත්ව, පාරිශුද්ධත්ව කාරණා මේකේ වැපිරිලා ඉවරයි දැන්. ඒක වළක්වන්න බැහැ. 

 

මහාගුරුගේ කාරණයෙදි මිනිස්සු ප්‍රශ්න අරන් එන්න ඕනා. හැබැයි මිනිස්සු ප්‍රශ්න අරන් එන්න ඕනා වංචනිකව නෙමෙයි, අවංකව ප්‍රශ්නය අරන් එන්න ඕනා. ප්‍රශ්නය අරන් ආවාම තමයි මහාගුරුට ඒක විසඳන්න තියෙන්නේ. ඇත්තටම ඒක විසඳන්න තියෙන ධර්මතාවය නිර්මාණය කරන්න තමයි තියෙන්නේ. ධර්මතාවය නිර්මාණය කරලා, විෂය පථය පැහැදිලි කරලා ප්‍රශ්නය විසඳන්න තියෙන්නේ. මේ සත්වයා වෙනුවෙන් අරින දොර තමයි ඒ, දැන් මම කිව්ව කාරණය.  සත්වයා ප්‍රශ්නය අරන් එන්න ඕනා.  ඔබත් සත්වයාට පණිවිඩය දෙන්න ඕන, ප්‍රශ්නය අරන් යන්න මහාගුරු වෙතටකියන දේ.  

 

ප්‍රශ්නය තියෙන්නේ, මිනිස්සු හැමෝටම ප්‍රශ්න තියනවානේ.  ඔයාගේ ප්‍රශ්නය අරන් මහාගුරු වෙත යන්න කියනවානේ. ඒත් එයාට එන්න ඕනා හිත හැදෙන්නේ නැහැ. ඒකෙ ඇත්තම කාරණය මොකක්ද දන්නවද? 

 

ප්‍රශ්නය අරන් එන්න යද්දිම එයාගේ ප්‍රශ්නය විසඳෙනවා.  ප්‍රශ්නය විසඳිලා උත්තරය පෙනිලා ඉවරයි. මහාගුරු ඒ තරම් powerful. එයාට එන්න හේතුව අහෝසි වෙලා යනවා.  ඒ තරම් powerful.  එහෙමත් වෙලා එයා ඇවිල්ලා direct ප්‍රශ්නය අරන්න පුළුවන් තැනට එනවා කියන්නේ තැන් කිහිපයක් පහු කරගෙන එන්න ඕනේ.  එහෙම ප්‍රශ්න ගේන්න පුළුවන් කියන්නෙත් මාර ලොකු දෙයක්.  Direct මහාගුරුව හම්බවෙන්න එනවා කියන එක.  හැබැයි මහාගුරුගෙ one and only එකයි තියෙන්නේ.  බුදුහාමුදුරුවෝ කවදාවත් ඉල්ලන්නේ නැහැ මම කියන දේ අහන්න කියලා.  බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දහම අවබෝධ කරගන්න පුළුවන්නේ සියලු සත්වයන්ට. ඒ නිසා ඒක විශ්වාස කරන්න කියන්නේ නැහැ. අවබෝධ කරගන්න. විශ්වාසය කියන එක කඩන්න කියලයි බුදුන් කියන්නේ.  බුදුන් කියන්නේ විශ්වාසය අවබෝධයකට ගේන්න කියලා . හැබැයි එතනින් එහාට ශිවගෙන් උඩට යද්දි ඒ විෂයය කාටවත් අල්ලන්න බැහැනේ තනියම. ඒ නිසා තමයි කියන්නේ විශ්වාසය භක්තිය කියන දේ එහෙම නැත්නම් loyalty එක  direct දෙන්න කියන්නේ. මහාගුරු කියන එක තුලදි, බුදුදහමේ ශද්ධාව වගේ, මහාගුරු ඉල්ලන්නේ loyalty එක භක්තිය.

 

සත්වයා ඒ අයගේ ප්‍රශ්න අරන් මහාගුරු ගාවට එන්න ඒ දොර තමයි ඇරියේ. ඕන ප්‍රශ්නයක් අරන් එන්න. 

 

සත්වයාට ඇරපු දොර තමයි ඒක.

 

හැබැයි අරන් එන්න හිතන තැනම ප්‍රශ්නයට එන්න පෙර උත්තරය හම්බ වෙනවා. එතනිනුත් පැනලා ප්‍රශ්නය අරන් එන්න පුළුවන් කියලා කියන්නේ ඒක අමාරු වැඩක්. 

 

ප්‍රශ්නය ඇහුවට එයා ප්‍රශ්නයට loyalty නැත්නම් එතකොට මම කාටද උත්තර දෙන්නේ? එහෙම වුනාම ප්‍රශ්නය අරන් ආවත් ප්‍රශ්නයට උත්තරය හම්බවෙන්නෙ නැති වෙන්න එකම හේතුව ඒක තමයි.  ප්‍රශ්නයට පක්ෂපාතී වෙන්න ඕනේ. ප්‍රශ්නයක් තියනවා නම් එයා ප්‍රශ්නයක් තියන බව පිලිගෙන ඒ ප්‍රශ්නය එක්ක එන්න ඕනිනේ. මහගුරු වෙත එන්න තමයි මේ දොර විවෘත කරන්නේ. ඕනම කෙනෙකුට,  දස බිම්බර මාර සේනාවට වුනත් පුළුවන් ප්‍රශ්නය අරන් එන්න.   මිනිස්සු  අහන ඕනෙම ප්‍රශ්නයකට පිලිතුරු දෙන එක තමයි මහාගුරුගේ කාර්යය.

 

Maithri Buddha

නුවර දේශනාව සහ බෝධිචිත්ත ප්‍රාතිහාර්යය

නුවර දේශනාවට දින දෙකකට පෙර මහාසත්ව බෝධි සත්ව බෝධිසත්වයන්...
Maithri Buddha

2025 වෙසක් දින චතුරාර්ය ශක්තිය දේශනාව

මනුස්ස ලෝකයේ කාරණා සහ අරහත් ලෝකයේ කාරණා පිළිබඳව යමක් කතා...
Maithri Buddha

බෝධි චිත්ත ප්‍රාතිහාර්යය සඳහා පසුබිම සකස් වීම

2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ ශ්‍රි දළදා...
Maithri Buddha

මේ දක්වා පැමිණි ගමන් මාර්ගය - 1

අපට රජ වෙන්න නෙවෙයි ඕනා. මේ නිසා මේක විශ්වාස කරන්න, මේ තා...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....