maithribodhi

අරහත් මග ආධ්‍යාත්මික මධ්‍යස්ථානය

ලිපිනය:

නො: 48/4, කුරුඳුහේන,
පිළිකුත්තුව,
බුත්පිටිය.
ශ්‍රී ලංකාව.

දුරකථන:

විද්‍යුත් ලිපිනය:

පැමිණිය හැකි වේලාවන්:

දිනපතා

පෙරවරු 9.30 සිට 11.30 දක්වා

පස්වරු 3.30 සිට 5.30 දක්වා

  • කරුණාකර පැමිණීමට පෙර අප අමතා අප මධ්‍යස්ථානය අදාල දිනයේ විවෘතව පවතින බව සනාත කර ගන්න

අරහත් මග මධ්‍යස්ථානය වෙත පිවිසීමට……

අරහත් මග මධ්‍යස්ථානය වෙත පොදු ප්‍රවාහන බස් රථ මාර්ගයෙන් හෝ කුලී රථ මාර්ගයෙන් ලඟා විය හැක.

කොළඹ නගරයේ සිට නුවර පාර ඔස්සේ පැමිණෙන්නේ නම්

  • පලමුව මිරිස්වත්ත හන්දියට පැමිණ, එතැනින් දකුණට හරවා වතුරගම පාර ඔස්සේ ජම්බෝලගස් හන්දියට පැමිණෙන්න. (3.8km).
  • ඉන්පසු ජම්බෝලගස් හන්දියෙන් වමට හරවා මීටර 800 ක් සෘජු මාර්ගය ඔස්සේ , මාර්ගයේ වම් පසින් කුරුඳුහේන පාර හමුවනතෙක් පැමිණෙන්න.
  • කුරුඳුහේන පාර ඔස්සේ මීටර 100ක දුරක් පැමිණෙන විට, පාරේ දකුණු පසින් අරහත් මග මධ්‍යස්ථානය හමු වෙයි.
  • ඔබ පොදු ප්‍රවාහන බස් රථ මාර්ගයෙන් පැමිණෙන්නේ නම් (ගම්පහ-කිරිඳිවෙල පාර - බස් රථ මාර්ග අංක 205), ජම්බෝලගස් හන්දියෙන් බැස, එතැන් සිට මීටර 900ක් පා ගමනින් හෝ, ත්‍රී රෝද රථයක් මගින් අරහත් මග මධ්‍යස්ථානයට ලඟා විය හැකියි.

මිරිස්වත්ත හන්දියේ සිට අරහත් මග මධ්‍යස්ථානයට ඇති දුර - 4.7 km

යක්කල සිට පැමිණෙන්නේ නම් ,

  • කිරිඳිවැල පාර ඔස්සේ බටගොල්ල හන්දිය තෙක් පැමිණෙන්න. (2 km)
  • එතැනින් Y හන්දියෙන් දකුණට හරවා පිලිකුත්තුව පාර ඔස්සේ, පාරේ දකුණු පසින් කුරුඳුහේන පාර හමුවන තෙක් පැමිණෙන්න.(1.2 km)
  • කුරුඳුහේන පාර ඔස්සේ මීටර 100ක දුරක් පැමිණෙන විට අරහත් මග මධ්‍යස්ථානය හමු වේ.
  • යක්කල සිට පොදු ප්‍රවාහන බස් රථ මාර්ගයෙන් පැමිණෙන්නේ නම් (ගම්පහ - ජම්බෝලගස් හන්දිය බස් රථ මාර්ග අංක 231), කුරුඳුහේන පාර අසලින්ම බැසිය හැක.

යක්කල වටරවුම අසල සිට අරහත් මඟ මධ්‍යස්ථානයට ඇති දුර - 3.3 km

යක්කල, මිරිස්වත්ත, බටගොල්ල හන්දිය, ජම්බෝලගස් හන්දිය යන ස්ථාන වල සිට අරහත් මග මධ්‍යස්ථානයට ත්‍රී රෝද රථ ඔස්සේ පැමිණිය හැක.

ඔබ අපවෙත නිතර යොමුකරන ප්‍රශ්නවලට පිලිතුරු

අරහත්මග මධ්‍යස්ථානය වෙත පැමිණීමට බලාපොරොත්තුවන ඔබට සුලභව ඇතිවන ගැටලු වලට පිලිතුරු…

නැත. කාන්තා පුරුෂ භේදයකින් තොරව, ඕනෑම රටකට අයත්, ඕනෑම ආගමික සංස්කෘතික පසුබිමක් සහිත, ඕනෑම සමාජ මට්ටමකට අයත් ඕනෑම කෙනෙකුට අප මධ්‍යස්ථානයට පැමිණිය හැකියි.
තම අධ්‍යාත්මික මාර්ගය සම්බන්ධව උපදෙස් හා මගපෙන්වීම් ලබාගැනීමට, භාවනා උපදේශන ලබාගැනීමට සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා ඕනෑම අයෙකුට සහභාගී විය හැකියි.

නැත. දැනට අප මධ්‍යස්ථානය වෙත පැමිණෙන අය වෙනුවෙන් නවාතැන් ලබාදීමට පහසුකම් නොමැත.

නැත. අප මධ්‍යස්ථානය වෙත පැමිණිය හැක්කේ දිනපතා පෙරවරු 9.30 සිට 11.30 දක්වා සහ පස්වරු 3.30 සිට 5.30 දක්වා පමණි.
ගුරුවරුන්ගේ කාර්යබහුල බව සහ විශේෂිත වැඩකටයුතු අනුව සමහර දින වල අප මධ්‍යස්ථානය බාහිර අය සඳහා වසා තිබීමට හැකි බැවින් කරුණාකර පැමිණීමට පෙර අප මධ්‍යස්ථානය අදාල දිනයේ විවෘතව පවතින බව සනාත කර ගන්න.

නැත. ඇඳුම් පැළඳුම් කල යුතු විශේෂ ආකාරයක් හෝ වර්ණයක් නැත.
නමුත් භාවනා කටයුතුවල යෙදීමට පහසු වන ලෙස, සුදුසු සංවර ඇඳුමකින් පැමිණීමට ඔබ වගබලා ගන්නේනම් අප එය අගය කරමු.

ප්‍රධාන වශයෙන් සිංහල භාෂාව භාවිතා වන අතර සහ අවශ්‍ය නම් ඉංග්‍රීසි භාශාවෙන් භාවනා උපදෙස් ලබාදීම සහ සාකච්ඡා සිදුකරනු ලැබේ.

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....