maithribodhi
maithribodhi

අන්තර්ගත ලැයිස්තුව ගවේෂණය කරන්න

maithribodhi

මනස හා අධ්‍යාත්මිකත්වය

2024-08-31

Maithribodhi

සාසනය බිහිවෙලා ආරාම වල පිරිස වැඩිවන්නට පටන් ගත් පසු එක් දවසක, බෝධියක් ඇති අය (උපසම්පදා වූ) සහ නැති අය ( උපසම්පදා නොවූ) වෙන්ව වාසය කිරීම සම්මතයක් ලෙස ප්‍රකාශ කරා සම්මුතික ගැටලු ඇතිවීම වළක්වා ගැනීමට. රාහුල ඒ වෙනකන් ආරාමයේ අන් අය එක්ක එහෙම සීමාවන් නැතුව තමයි වාසය කලේ.

 

ඒ සම්මුතිය පැනවූ දින, ආරාමයේ පිරිස කලින් හිටිය තැන් වලින් වෙනත් තැන් වලට ගියා. රාහුලට රෑ වන තුරුත් නිදා ගන්න තැනක් සොයා ගන්න අපහසු වුණා. රාහුල එම සම්මතය සමඟ ගැටලුවක් ඇති නොවීම පිණිස එදින රාත්‍රී නින්ද වැසිකිළියක වාඩිවී ගතකළා. ඒ සිදුවීම පසුව තරමක් ආන්දෝලනාත්මක වුණා. ඒ අවස්ථාවේදී ගෞතම බුදුන් වහන්සේ එම සිද්ධිය ගැන සොයා බැලීමට විශේෂ අවධානයක් ලබා දී ආනන්ද හාමුදුරුවෝ වැනි කීප දෙනෙක් යොමු කළා. එවැනි අවස්ථා බුදුන් වහන්සේ මනස මූලිකව කටයුතු කල අවස්ථාවන්.

 

කොහොමත් හැමතිස්සෙම ඥාන දර්ශනය තුළ ඉන්න බෑ. සාමාන්‍ය වෙලා වලට මනස තුළ තමයි ඉන්න වෙන්නේ. එතකොට බාහිරින් ඔවුන් දෙස බලන අයට ඥාන දර්ශනයක් තියෙන අය පෙනෙන්නෙත් සාමාන්‍ය අය විදිහට වෙන්න පුළුවන්. ඒක විසඳ ගන්න පුලුවන් එකම ක්‍රමය ප්‍රශ්න අහල ඥාන දර්ශනයක් තිබේද නැද්ද පිළිබඳ අදහසක් ලබා ගැනීම පමණයි. නැත්නම් ආර්ය ඇසුර තුළින් තමයි ඒ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ.

 

කතාවක් තියෙනවා කවුරු හරි ඇවිල්ලා ගෞතම බුදුන් ගෙන් අහනවා ඔබවහන්සේ හැමතිස්සෙම සර්වඥ ද කියලා. එතකොට ගෞතම බුද්ධ කියනවා එහෙම වුනොත් මට ආනන්දවත් අඳුර ගන්න බෑ කියලා. බුද්ධ පවතින්නේ ඥනයක් විදියට ඒක එලියට එන්නෙ මනස හරහා. හැමතිස්සෙම බුද්ධ ස්වභාවයේ වැඩ ඉන්නේ නෑ සහ මනස තුළ තමයි අනිත් වෙලාවට ඉන්නේ. බුද්ධ කියන ස්වරූපයේ උපරිමයෙන් ඉන්නේ චතුරාර්ය ශක්තිය දේශනාවකදී.

 

Buddha Bodhi රාහුලෝවාද

බුද්ධිය ඔබට බලය සහ නිදහස ළඟා කරයි

දවසක් රාහුල ගෞතම බුදුන් හමුවෙන්න ගිහින් මෙසේ අහනවා. ...
Buddha Bodhi රාහුලෝවාද

ගුරුවරයා සහ කළ්‍යාණ මිත්‍රයා

දවසක් රාහුලගේ යම් කිසි ක්‍රියාවක් හේතු කොට ගෙන එක්තරා...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

සේරිවාණිජ

බාලයා ද පණ්ඩිතයා ද සිටින්නේ ඔබ තුළ ය. දෙව්දත් ද බෝසතා ද ස...
Buddha Bodhi ගෞතම බුදුන් සමය

කැඩපත

දවසක් බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ගෞතම බුදුන්ගෙන් මෙහෙම ඇහු...

අධ්‍යාත්මය මනසින් දැකිය නොහැක.

ඔබේ ආවේණික ධර්ම මාර්ගය අවංකත්වය හෝ ඥාන දර්ශනය තුලින් සොයාගන්න....